දෙපාර්තමේන්තු ගෙවීම් 2024 මාර්තු 21 සිට මාර්ගගතව සිදු කළ හැක

අප ගැන

ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, චන්ද්‍රිකා දුරස්ථ ග්‍රහණ (RS) ,ගෝලීය ස්ථාපිත පද්ධතිය(GPS),‍ භූ ගෝලීය තොරතුරු පද්ධතිය(GIS), ඉඩම් තොරතුරු පද්ධතිය(LIS), සහ ඡායාරේඛනමිතික කාර්යයන් වැනි ක්ෂේත්‍රයන්හි පුරෝගාමී වු ජාතික මැනුම් සහ සිතියම් සංවිධානයයි.එකී ක්ෂේත්‍රයන් තක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමඟ,තොරතුරු තාක්ෂණය වඩාත් දායකකරගත් ක්ෂේත්‍රයන් බවට පත්වු අතර 20 වන ශත වර්ෂයේ අවසන් දශකයේදී ඉන් බොහෝමයක් න්‍යායාත්මක සංකල්ප පමණක්ම විය.

නොබෝදා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුළ පිහිටුවන ලද භූ තොරතුරු (භූගෝලීය නාම) සහ NSDI (ජාතික අවකාශ දත්ත උපරි ව්‍යුහය) නම් වු අංශ ඉඩම් සම්බන්ධ තොරතුරු ඒ හා උනන්දුවක් දක්වන රටෙහි අනෙකුත් සංවිධාන සමඟ සහයෝගයෙන් බෙදාගැනීම සඳහා විශාල මෙහෙවරක යෙදිනි.

තවදුරටත් කියවන්න

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති මිනින්දෝරු දෙපාර්තමේන්තුව (SLSD) රජයේ ජාතික මැනුම් සහ සිතියම් නියෝජ්‍යා යතනය ලෙස ක්‍රියා කරන අතර ශ්‍රි ලංකාවේ සියළුම මැනුම් සහ සිතියම් ප්‍රමිතකරණය සහ නිෂ්පාදනය සඳහා වගකීම උසුලයි. ඉඩම් හිමිකම් ව්‍යාපෘතිය යටතේ ඇති ජාතික කැඩැස්තරය ස්ථාපනය කිරීම සඳහාද වගකීම දරයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සඳහා ශ්‍රි ලංකා ජාතික අයවැයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 2200 ක් පමණ වෙන් කෙරේ. රටේ සංවර්ධනයෙහි නියැලී සිටින සැලසුම් කරුවන්, පරිපාලකයින් සහ කර්මාන්තකරුවන් උදෙසා ගුණාත්මක භූමි/ඉඩම් තොරතුරු නිෂ්පාදනය වහා කළ යුතු බැවින් ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යංශය සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව මැනුම් හා සිතියම් ක්‍රියාකාරකම් අභිවර්ධනය සඳහා මැදිහත් වේ.

තවදුරටත් කියවන්න

1796 වර්ෂයේදී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු විය. කන්ද උඩරට රජකළ රජු විසින් කන්ද උඩරට අත්හැර දැමීමත් සමඟ 1798 මාර්තු 06 දිනැති කොමිසමක් මඟින් සර් ෆෙඩ්රික් නොර්ත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පොදු ඉඩම් සන්තක කර ගැනීම් අවලංගු කිරීම හා ඉඩම් අයිතිය තනි පුද්ගලායනය කිරීම අරමුණු කරගත් 1800 මැයි 3 දිනැති ප්‍රසිද්ධ ඉඩම් ප්‍රකාශනය හේතුවෙන් ඉඩම් මැනුම් ඉතා වැදගත් ස්ථානයක් අත්පත් කරගනු ලැබීය. දිවයිනේ පවතින ඉඩම් මැනුම් ක්‍රමය පිළිබඳ ගවේෂණය කරමින්, සර්වේයර් ජනරාල් වරයාගේ ප්‍රධාන කාර්යය සටහන් කරමින් “සර් ෆෙඩ්රික් නොර්ත්” විසින් 1800 අගෝස්තු 2 දිනැති ප්‍රකාශනය සකස් කරන ලද අතර ප්‍රතිඵලයක් ලෙස ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපනය විය.

තවදුරටත් කියවන්න
Services Provided to Citizen

Digital data is produced by several methods such as data extracted from Aeiral photographs, Scanned maps, Digitized paper maps, Satellite images and LiDAR Data. Currently the department is issuing such data to customers in standard GIS and CAD formats. Customer oriented Maps in digital JPEG format and hardcopies are also produced by the department on request. Litho-printed standard Topographic and Thematic maps produced by the Survey Department can also be purchased.

Copies of Plans / Tenementery List (TL) of the lands already surveyed by the Survey Department can be purchased in following formats.

(a) An extract of Lots / Parcels

(b) A certified true photocopy of a relevant statutory plan

(c) A certified true photocopy of Tenementery List (TL)

(d) A Scanned image of a relevant statutory Plan /Tenementery List.

අන්තර්ජාල සේවාවන්










මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් විවිධ වර්ගයේ පිඹුරු සකස්කර ඇති අතර එම පිඹුරු වල පිටපත් සහ ඉඩම් විස්තර ලැයිස්තු වල පිටපත් අදාල දිස්‌ත්‍රික්කයේ දිස්‌ත්‍රික් මිනින්දෝරු කාර්යාල මගින් ලබාගත හැක

විශේෂ නිපැයුම්


මීතොටමුල්ල නායයාම

මීතොටමුල්ල කසළ ගොඩබිමෙහි ආපදා සිතියම

පිවිසීමට
අවිනිශ්චිත නිදන්ගත වකුගඩු රෝගය

හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය මඩුආච්චිය ප්‍රදේශයේ CKDU සංඛ්යා ලේඛන පෙන්වන සිතියම්

පිවිසීමට
පාලන ලක්ෂ්‍ය සෙවීම

තිරස් සහ සිරස් මැනුම් පාලක ලක්ෂ්‍ය තොරතුරු ලබා දෙයි

පිවිසීමට

සර්වේයර් ජනරාල්ගේ පනිවිඩය

නිෂ්පාදන