ඉංජිනේරු මැනුම්

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෙම මැනුම් වලට විශේෂයෙන් විවිධ ආකාරයේ ඉංජිනේරු ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන සමෝච්ඡ රේඛා මැනුම් ඇතුළත් වේ.

සමෝච්ඡ රේඛා මැනුම් මගින් බොහෝ දුරට ඉඩමේ පහත්ම ස්ථානයේ සිට ඉහළම ස්ථානය දක්වා ක්‍රමවත් දුර පරාසයන් තුල ඇති උන්නතාංශ වෙනස්කම් නිරූපණය කරයි. සමෝච්ඡ රේඛා මගින් සමාන උන්නතාංශයන් සහිත ස්ථාන එකිනෙකට සම්බන්ධ කර පෙන්වයි. මෙම මැනුම් වල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ බිමෙහි සාපේක්ෂ ස්ථානීය උස ලබාදෙන අතර නිරවද්‍යතාවය ව්‍යාපෘතියේ හෝ සේවාලාභියාගේ අවශ්‍යතාවය මත රඳා පවතී.

මේවා අතරින් බොහෝමයක් මැනුම් වාරිමාර්ග ව්‍යාපෘති, ගංවතුර ආරක්ෂාව සහ මාර්ග, දුම්රිය මාර්ග සහ ජල සම්පාදන හා ජලාපවහන සැලසුම් කිරීම සහ ඉදිකිරීම ආදිය සඳහා වේ. ප්‍රධාන වශයෙන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන වෙතින් මෙම මැනුම් සඳහා වන ඉල්ලීම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ලැබේ. මෙම යෝජනා ක්‍රම යටතේ ලැබෙන මැනුම් වල අවශ්‍යතාවය ව්‍යාපෘති අනුව වෙනස් වන අතර එක් එක් වර්ගයේ මැනුම් සඳහා වන සම්මත දෙපාර්තමේන්තු පිරිවිතරයන් සකස් කර ඇත.