මහජන අනුරේඛන

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් විවිධ ආකාරයේ පිඹුරු වර්ග සකස් කරනු ලබන අතර, එම පිඹුරුවල පිටපත්, ඉඩම් විස්තර ලැයිස්තු සහ හිමිකම් පිඹුරු මැනුම්පති කාර්යාලයේ ලේඛන කළමනාකරණ සහ වෘත්තීය ප්‍රමිති අංශයෙන් සහ අදාල දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයෙන් ලබා ගත හැක. ඊට අමතරව අදාල ඉඩම් කැබැල්ල සඳහා මුල් පිඹුරෙන් පිළියෙළ කර ගත් මහජන අනුරේඛන, ඉඩම පිහිටි දිස්ත්‍රික්කයට අදාළ වන දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයෙන් මුදල් ගෙවා ලබා ගැනීමට පහසුකම් සලස්වා තිබේ.

මහජන අනුරේඛනයක ආදර්ශය පහත දැක්වේ.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විවිධ සේවා සඳහා අයකරනු ලබන ගාස්තු
මහජනතාව සහ බාහිර ආයතන සඳහා පිඹුරු සහ ඉඩම් විස්තර ලැයිස්තු පිටපත් නිකුත් කිරීම
මහජනතාව සහ බාහිර ආයතන සඳහා පිඹුරු සහ ඉඩම් විස්තර ලැයිස්තු උධෘත නිකුත් කිරීම

ව්‍යවස්ථාපිත පිඹුරකින් එක් බිම් කැබැල්ලක් හෝ කැබලි කීපයක උධෘතයක් ඉඩම් විස්තර සමඟ A3 හෝ ඊට අඩු ප්‍රමාණ පත්‍රයක මුද්‍රණය කර ලබා දෙන අවස්ථාවක පහත පරිදි ගාස්තු අය කල යුතුය.

මහජනතාව සහ බාහිර ආයතන සඳහා පරිලෝකන පිඹුරු (Scan Images) නිකුත් කිරීමේදී අය කරන ගාස්තු

අයදුම්කරු විසින් අංකිත දත්ත පිටපත් කිරීමට සංගත තැටියක් හෝ සමාන මාධ්‍යයක් ලබාදිය යුතුය.

සියළුම වර්ගයේ රේඛාචිත්‍ර නිකුත් කිරීම

සියළුම වර්ගයේ L, O, V සහ R යන රේඛාචිත්‍ර නිකුත් කිරීමේදී එක් කැබැල්ලක් සඳහා රුපියල් 1,000.00 වන පරිදි ගාස්තු අය කළ යුතුය.

සියළුම ක්ෂෙත්‍ර පත්‍ර සහ නගර මැනුම් පත්‍ර වල ඡායා පිටපත් නිකුත් නොකල යුතු අතර ඒවායේ පිටපත් ඉල්ලා සිටින අවස්ථාවක පරිලෝකන පිඹුරු (Scan Images) උපයෝගී කර මුද්‍රිත පිටපත් පමණක් නිකුත් කළ යුතුය.
පැරණි මැනුම් මත නව මැනුම් සංශෝධනය කිරීම සඳහා භාවිතා කරන යොමු රේඛා පත්‍ර (Key Sheet) සහ දම්වැල් 16 පත්‍ර (16ch RD) වල ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් මිනින්දෝරු වෘත්තිකයන් නොවන අය වෙත නිකුත් නොකල යුතුය.
එක් කොටසකට ඇතුලත් කළ හැකි නමුත් පිඹුරේ කොටස් කැඩීම හේතුවෙන් එකම බිම් කැබැල්ල කොටස් කිහිපයකට ඇතුලත් වන විට මුළු පිටපත් සඳහා ගාස්තුවෙන් 50% අය කළ යුතුය.
දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාල වලින් පිටපත් නිකුත් කළ යුත්තේ A3 හෝ ඊට කුඩා පත්‍රවල දැක්විය හැකි පිඹුරු වල පිටපත් පමණි. ඊට විශාල පත්‍රවල දැක්වෙන පිඹුරු වල පිටපත් නිකුත් කිරීම සඳහා සර්වේයර් ජනරාල් කාර්යාලයට යොමු කළ යුතුය.