උපදේශන සේවා

යම් ආයතනයක් විසින් මැනුම් හා සිතියම්කරන වෘත්තීයන් පිළිබඳව තාක්ෂණික උපදෙස් ඉල්ලුම් කරනු ලබන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිටින එම වෘත්තීය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයන් මඟින් අදාළ සේවය ලබා දෙනු ලැබේ.

අධීක්ෂණ සේවා

උපදේශන සේවා වලට අමතරව, ඕනෑම රාජ්‍ය ආයතනයකට හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් සඳහා පුද්ගලික අංශයේ මිනින්දෝරු වෘත්තිකයන් විසින් සිදු කරන ලද මැනුම් කටයුතු අධීක්ෂණය කිරීමට අවශ්‍ය වූ විට එම අධීක්ෂණ කටයුතු සිදුකර අදාළ පිඹුරු සර්වේයර් ජනරාල්වරයා වෙනුවට ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරී විසින් සහතික කරනු ලැබේ.