අනෙකුත් ව්‍යස්ථාපිත මැනුම්

ව්‍යවස්ථාපිත මැනුම් සිදු කරනු ලබන්නේ යම්කිසි පනතකට හෝ ආඥාපනතකට අනුව වන අතර ඒවායින් සමහරක් පහත දක්වා ඇත.

  • ඉඩම් සංවර්ධන ආඥාපනත
  • රජයේ ඉඩම් ආඥාපනත
  • ඉඩම් අත්පත් කර ගැනීමේ පනත
  • විශේෂ විධිවිධාන පනත
  • හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත, ...., ආදිය.

ප්‍රධාන වශයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙම පනත්වලට අදාළව මැනුම් සිදු කරනු ලබන්නේ, දීමනා පත්‍ර ලබාදීම / දීර්ඝ කාලීන බදු ලබාදීම, ඉඩම් අත්පත් කර ගැනීම, ඉඩම් පවරා දීම සඳහා සිදු කරනු ලබන මැනුම්, රජයේ ඉඩම් බැහැර කිරීම සඳහා සිදු කරනු ලබන මැනුම්, ..., යනාදි වශයෙනි.

මෙම ව්‍යවස්ථාපිත මැනුම්වලට අදාලව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සේවාලාභීන් වන්නේ ප්‍රාදේශීය ලේකම්වරු, හිමිකම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන වේ.

වර්තමානයේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ අවශ්‍යවන කැඩැස්තර මැනුම් කටයුතු ආරම්භ කර ඇති අතර සේවාලාභීන්ගෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ලැබෙන සියලුම මැනුම් ඉල්ලීම් සඳහාද කැඩැස්තර පිඹුරු පිළියෙළ කිරීම මේවන විට සිදු කරනු ලබයි.