ශ්‍රී ලංකාවෙහි අඛණ්ඩව ක්‍රියාත්මක භූමිතික පාලන ස්ථාන ජාලය

ශ්‍රී ලංකාවේ භූමිතික පාලන ජාලය 1993 දී මිහිතැන් ගැන්නුම් සූසැටි පද්ධති මැනීම් ක්‍රමවේදය භාවිතයෙන් වැඩිදියුණු කරන ලදී. එමඟින් දේශීය වන එවරස්ට් 1830 සිට ගෝලීය පාදම වන WGS 84 ට පරිණාම පරාමිතීන් ගණනය කරන ලදී. එමගින් සෙන්ටිමීටර් ප්‍රමාණයේ නිවැරදිතාවයකට ජාතික ජාල ඛංඩාංක ලබා ගැනීම සඳහා මිහිතැන් ගැන්නුම් සූසැටි ග්‍රාහක භාවිතා කළ හැක. ශ්‍රී ලංකාවෙහි අඛණ්ඩව ක්‍රියාත්මක භූමිතික පාලන ස්ථාන ජාලය (SLCORSnet), නම් කරන ලද ස්ථාන වල භෞතික GNSS යොමු මධ්‍යස්ථාන වලින් සමන්විත වන අතර එමඟින් එකතු කරන ලද මිහිතැන් ගැන්නුම් සුසැටි පද්ධති අමු දත්ත (GNSS Raw data) සජීවීව කොළඹ පිහිටි සර්වේයර් ජනරාල් කාර්යාලයේ පාලන මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කරයි. එම පාලක මධ්‍යස්ථානයේ ඇති මිහිතැන් ගැන්නුම් සුසැටි පද්ධති (GNSS) ජාල සැකසුම් මෘදුකාංගය භාවිතයෙන් මෙම දත්ත ක්‍රියාවලි සකස් කිරීමෙන් (Processed) පසු එම ස්ථාන වල භූගෝලීය පිහිටීම මත පදනම් වන නිවැරදි කිරීම් සඳහා අවශ්‍ය දත්ත (RTCM Correction), ඒවා භාවිතා කරන්නන් වෙත සංතතිකව අන්තර්ජාලය හරහා ලබාදීමට පහසුකම ලබාදී ඇත. මෙයට අමතරව, මාර්ගගත ක්‍රමයට RINEX දත්ත හුවමාරු කිරීම සඳහා පසු සැකසුම් මෘදුකාංගයක් භාවිතා කිරීමේ සේවය, මෙම ශ්‍රී ලංකාවෙහි අඛණ්ඩව ක්‍රියාත්මක භූමිතික පාලන ස්ථාන ජාලය (SLCORSnet) මඟින් සපයා දී ඇත. තවද මෙම සේවාවේ ලියාපදිංචි වී අදාල සේවා ගාස්තු ගෙවීමෙන් පසු, අදාල කාලය සඳහා එහි පහසුකම් ලබා ගැනීමේ හැකියාව ද මෙහි ඇත.

SLCORSnet හි I අදියරෙහි, කොළඹ,අවිස්සාවේල්ල, මාදම්පේ, රත්නපුර, කෑගල්ල සහ කළුතර යන ප්‍රදේශයන්හි දිවයිනේ බටහිර කොටස ආවරණය වන පරිදි CORS ස්ථාන හයක් දැනටමත් ස්ථාපිත කර ඇත. II අදියරේදී, ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නුදුරු අනාගතයේ දී CORS මූලික ස්ථාන 32ක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. SLCORSnet භාවිතයෙන් වැඩ කිරීමට, නිල දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති සබැඳියට හෝ සෘජුවම www.slcorsnet.survey.gov.lk වෙත පිවිසීමෙන් පරිශීලක පිවිසුමක් සාදාගත හැක. වරක්, SLCORSnet යටතේ ලියාපදිංචි වී ඔබ මෙම සේවාවන් මිලදී ගත් පසු, ඔබට දායක කාලය තුළ මෙම සේවාවන් භාවිතා කිරීමට අවසර ඇත. වැඩි විස්තර සඳහා භූමිතික මැනුම් ඒකකය, මිනුම්පති කාර්යාලය - 011-2369011 අමතන්න.