භූමිතික සේවාවන්

භූමිතික තොරතුරු බලයලත් මිනින්දෝරුවරුන්ට සහ වෙනත් දෙපාර්තුමේන්තු වලට නිකුත් කිරීම

පහත සඳහන් භූමිතික තොරතුරු, වගුවේ දී ඇති මිල ගණන් අනුව ස.ජ.කා හා දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයයේ පිහිටි භූමිතික මැනුම් ඒකකයන්ගෙන් නිකුත් කිරීම සිදු කරයි.

  • ප්‍රාථමික හා ද්වීතික තෘතියික මට්ටම් රේඛා වල පිල් ලකුණු තොරතුරු
  • සියළුම ත්‍රිකෝණමිතික ස්ථාන, ඛණ්ඩාංක සහ ස්ථානීය දළ සටහන
  • ප්‍රාථමික මිහිතැන් ගැන්නුම් පාලන ලක්ෂ, ඛණ්ඩාංක සහ දළ සටහන්
  • පලමු පන්තියේ පරික්‍රමණ පාලන ලක්ෂ, ඛණ්ඩාංක සහ දළ සටහන්
  • මිහිතැන් ගැන්නුම් සූසැටි පද්ධති දත්ත
තොරතුරු වර්ගය මිල(රුපියල්) තොරතුරු ලබා ගත හැකි ස්ථානය
පිල් ලකුණු උස, දළ සටහන් සමඟ 260.00 ස.ජ.කා / මැ.සි.ආ
පලමු හා දෙවන පංතියේ EDM පරික්‍රමණ පාලන ලක්ෂ වල ඛණ්ඩාංක, දළ සටහන් සමඟ 260.00 ස.ජ.කා / මැ.සි.ආ
ප්‍රාථමික මිහිතැන් ගැන්නුම් පාලන ලක්ෂ වල ඛණ්ඩාංක දළ සටහන් සමඟ 500.00 ස.ජ.කා / මැ.සි.ආ
ත්‍රිකෝණමිතික ස්ථාන වල ඛංඩාංක නිරීක්ෂිත විස්තර සමඟ 320.00 මැ.සි.ආ
SLCORSnet සේවාව (දිනකට) 2,000.00 ස.ජ.කා
SLCORSnet සේවාව (සතියකට - දින 07) 10,000 ස.ජ.කා
SLCORSnet සේවාව (මසකට - දින 30) 30,000 ස.ජ.කා
SLCORSnet සේවාව (වසරකට - දින 365) 360,000.00 ස.ජ.කා
SLCORS සාදන ස්ථාන දත්ත එක් ස්ථානයක (එක් දිනක පෙ.ව. 06.00 සිට ප.ව. 06.00 දක්වා) 600.00 ස.ජ.කා

සටහන: ඉහත මිල ගණන් සඳහා අදාල සියලු බදු එකතු විය යුතුයි.

පුද්ගලික අංශය විසින් මිහිතැන් ගැන්නුම් සූසැටි පද්ධති ආශ්‍රයෙන් පිහිටුවන තුන්වන පන්තියේ භූමිතික පාලන ලක්ෂ්‍ය, පාලන පරික්‍රමණ හා මට්ටම් රේඛා (පිල් ලකුණු) පරික්ෂා කර බලා නිවැරදිතාවය පිළිබඳව සහතිකයක් ලබා දීමද සර්වේයර් ජනරාල් කාර්යාලයෙහි පිහිටි භූමිතික මැනුම් අංශය මඟින් සිදු කෙරේ.

භූමිතික මැනුම් ඒකකයෙන් ලබා ගත හැකි වෙනත් සේවාවන්

  • උපදේශන සේවාවන්.
  • මිහිතැන් ගැන්නුමි පාලන ලක්ෂ පිහිටුවීම.
  • යථාතත්ව මට්ටම් කිරීම.
  • විශේෂ භූමිතික මැනුම් ව්‍යාපෘති ක්‍රියාත්මත කිරීම.

Control Point DB Search Guide

Guide for CORS Login Creation