ගුවන් මැනුම්

පුළුල් පරාසයක උපයෝගීතාවය පිණිස, භූ අවකාශීය දත්ත සැපයීම සඳහා 1952 සිට ගුවන් ඡායාරූපකරණය සිදුකරනු ලබයි. ගුවන් ඡායාරූපකරණය යනු ගුවනේ සිට භූමියේ ඡායාරූප ගැනීමේ ක්‍රියාවලියයි. මෙම යෙදුම සාමාන්‍යයෙන් කැමරාවට භූගත ව්‍යුහයකින් සහාය නොදක්වන රූප සඳහා භාවිතා වේ. කැමරාව අතින් අල්ලාගෙන හෝ සවිකර තබාගෙන හෝ ඡායාරූප ශිල්පියෙකු විසින් ඡායාරූප ගත හැකි අතර මෙය දුරස්ථව හෝ ස්වයංක්‍රියව සිදු කළ හැක. ගුවන් ඡායාරූපකරණය සඳහා වේදිකා ලෙස ස්ථාවර පියාපත් ගුවන් යානා, හෙලිකොප්ටර්, බැලූන්, රොකට්, සරුංගල් ආදිය භාවිතා කල හැක. ගුවන්යානා, පුළුල් පරාසයක දුරස්ථ ග්‍රහණ ක්‍රම සඳහා වේදිකාවක් ලෙස භාවිතා කෙරේ. ගුවන් ඡායාරූප යනු දුරස්ථ ග්‍රහණ ප්‍රභේදයේ පළමු ආකාරය වන අතර ඒවා අද බහුලව භාවිතා වන ඡායාරූප ලෙස පවතී.

එය පැරණිතම, නමුත් බහුලව භාවිතා වන දුරස්ථ ග්‍රහණ තාක්ෂණය වේ. ඡායාරේඛණමිතිය යනු ඡායාරූප හෝ ඡායාරූප දත්ත වලින් මිනුම් සිදු කිරීමේ විද්‍යාව සහ තාක්ෂණයයි.

දැනට, මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද නව 50k සිතියම් පෙල හැරුණු කොට, අනෙකුත් භූලක්ෂණාත්මක සිතියම් ගුවන් ඡායාරූකරණය මත පදනම්ව ඇත. මහා පරිමාණ ගුවන් ඡායාරූප, බොහෝ ඉංජිනේරු ව්‍යාපෘති සඳහා නිවැරදි දත්ත මෙන්ම වන සංරක්ෂණ, භූ විද්‍යාඥයින් සහ නාගරික සැලසුම්කරුවන් වැනි විශේෂඥයින් සඳහා තොරතුරු මූලාශ්‍ර ද සපයයි.

ගුවන් ඡායාරූප ගැනීමට පෙර ගුවන් යානාව සහ ගුවන් ඡායාරූපකරණයට සහය වන පියාසර සැළසුම්කරණ සටහන් සලකා බැලීම වඩාත් සුදුසුය. මෙම පියාසර සැළසුම්කරණ භාවිතා කරමින් නියමුවන්ට ඔවුන්ගේ පිහිටීම, පරිමාණ උන්නතාංශය සහ ගමනාන්තයේ හොඳම මාර්ගය යනාදිය තීරණය කිරීමට හැකි වේ.බොහෝ සිතියම්කරණ උපයෝගීතාවලදී සිරස් ගුවන් ඡායාරූපකරණය අවශ්‍ය වේ. සිරස් ගුවන් ඡායාරූපකරණය ගුවන් යානයක බිම සවි කර ඇති කැමරාවකින් නිපදවනු ලැබේ. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන රූපය සිතියමකට සමාන වන අතර රූපය පුරාවට ආසන්න වශයෙන් නියත වන පරිමාණයක් ඇති අතර පහත වට තොරතුරු සහිත තනි ඡායාරූපයකින් ආවරණය කර ඇති ප්‍රදේශය 23cmx23cm වේ.

  • ඡායාරූප අංකය සහ වර්ෂය
  • ගුවන් පථය සහ රෝල් අංකය
  • පරිමාණ කේතය සහ 50K පත්‍ර අංකය
  • ඔරලෝසුව, අල්ටිමීටරය සහ මට්ටම් බුබුල
  • Fiducial ලකුණු

ව්‍යාපෘති අවශ්‍යතා අනුව ගුවන් ඡායාරූප ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු පහත දැක්වේ.

එනම්,ව්‍යාපෘති ප්‍රදේශය, ඡායාරූප පරිමාණය, ගුවන් පථයේ දිශාව, ඛණ්ඩාංක පද්ධතිය, පටල පටයේ වර්ගය සහ කැමරා වර්ගය යනාදිය.

මීට අමතරව සිරස් ඡායාරූප ගනු ලබන්නේ ත්‍රිමාණික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි අතර , ඒ සඳහා ඉදිරි අතිච්ඡාදනය 60% ක් හා පැති අතිච්ඡාදනය 25%ක් වන සේ ඡායාරූපකරණය සිදුකරනු ලැබේ. සමෝච්ඡ රේඛා , ස්ථානීය උස වැනි ත්‍රිමාණික මිණුම් හා stereo interpretation සඳහා මෙම අවශ්‍යතාවය ඉතා වැදගත් වේ.

කලින් තීරණය කරන ලද ව්‍යාපෘති පරිමාණයට අනුව vector data උකහා ගැනීම සඳහා සකසන ලද (Processed) සහ සටහන් කරන ලද (Annotated) ඡායාරූප ඡායාරේඛණමිතික ඒකකයට භාර දෙනු ලැබේ. අවසාන ප්‍රතිඵලය (output) වනුයේ dgn ආකෘතියෙන් සකසා ඇති පරිමාණයට සකසන ලද දෛශික දත්ත වේ.

JICA උතුරු සිතියම්කරණ ව්‍යාපෘතිය යටතේ 2010/2011 වර්ෂවල උතුරු පළාත සඳහා වර්ග කිලෝමීටර් 9000ක් ආවරණය වන පරිදි වර්ණ ගුවන් ඡායාරූප තිබීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට වර්ණ/කළුසුදු ortho images හෝ image map නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබුණි. එම ප්‍රදේශ සඳහා 1:10,000 පරිමාණයේ දත්ත එක්රැස් කිරීම (data extraction) 2013 දී අවසන් කරන ලදී.

භූමි තොරතුරු රැස් කිරීම සඳහා ප්‍රතිසම (Analogue) ගුවන් ඡායාරූප සහ ස්කෑන් කරන ලද ගුවන් ඡායාරූප භාවිතා කෙරේ. Stereo දත්ත සම්පාදනය කිරීම ඩිජිටල් ඡායාරේඛනමිතික workstations වල සහ analytical photogrammetric Plotters මගින් සිදු කෙරේ. 508µ (50dpi) සිට 2µ (12,700dpi) දක්වා විභේදනය වන ප්‍රතිසම ගුවන් ඡායාරූප ඩිජිටල් ස්වරූපයට පරිවර්තනය කිරීමට අධි විභේදන ඡායාරූප ස්කෑනර් භාවිතා කරනු ලැබේ. කෙටි කාලයක් තුළ උසස් තත්වයේ ස්කෑන් කරන ලද ගුවන් ඡායාරූප නිෂ්පාදනය කිරීමට එය පහසුකම් සපයයි.

පරිශීලකයින් සඳහා ලබා ගත හැකි ඩිජිටල් දත්ත

  • ශ්‍රි ලංකාවෙන් 80%ක් ආවරණය වන පරිදි 1:10,000 භූලක්ෂණාත්මක දත්ත (ඩිජිටයිස් කරන ලද 10k සිතියම් සහ සිතියම් අත්පිටපත්, ඩිජිටල් ස්ටීරියෝ සම්පාදනය කළ දත්ත, අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් 2D දත්ත)
  • 1:5000 ආවරණය කළ නගර ප්‍රදේශ 24ක් පමණක්
  • 1:2000 ආවරණය කළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ පමණක්